පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බවය.තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ පැවසීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා රඳවාගෙන සිටින මෙම සැකකරු මහේස්ත්රාත්වරයෙකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි පොලීසියෙන් විමසා සිටියේය.ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කර තිබෙන බවය.ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළේය.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න