රු.මි. 20ක රත්‍රං සමග ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට.

රුපියල් මිලියන 20ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි.අදාළ සැකකරුවා ගුවන්තොටුපොළ රාජකාරී කරමින් සිටින අතරතුර මෙම රත්‍රං තොගය රහසිගතව ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙසේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සන්තකයේ තිබී කැරට් 24 රන් බිස්කට් 40ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇති අතර එහි මුළු බර ග්‍රෑම් 550ක් බව වාර්තා වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *