ඇති තරම් තෙල් තියෙනවා… තෙල් බිල්ලෝ මවන කල්ලියට තෙල් සභාපතිගෙන් උත්තර…

මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසන්නේ එය සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බවය.

ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඔහු සඳහන් කරය. එමෙන්ම ලබන වසරේ අප්‍රේල් මස දක්වා තෙල් ආනයනය කර ඇති බවද සභාපතිවරයා පැවසීය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඉකුත් 02 වැනිදා තෙල් නැවක් ගෙන්වා ඇති බවත් එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් තිබී ඇති බවත් සභාපතිවරයා පවසයි. එම නැව ගොඩබෑමකින් තොරව නැවත ගොස් ඇත් බවත් එය ඔවුනගේ අභ්‍යන්තර ගැටලුවක් නිසා සිදුව ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මේ බව පැවසූවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Spread the news

Comments

One response to “ඇති තරම් තෙල් තියෙනවා… තෙල් බිල්ලෝ මවන කල්ලියට තෙල් සභාපතිගෙන් උත්තර…”

  1. මෙවැනි බොරු ප්‍රචාර කරන බොරු බිල්ලන් මවා වෙළඳ පොළ හා රට අස්ථාවර කරන්න හදන සියල්ලටම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන්න. එලෙස කටයුතු කරන මාධ්‍ය වහා තහනම් කිරීමට කටයුතු කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *