කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විරෝධයක් දක්වා නෑ – ඇමති විජිත

කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.

විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද සඳහන් කළේය.

මෙරට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *