චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166ක අස්ථි මතුවෙයි.!

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි මතුකර ගෙන තිබේ.

කැනීම් නිලධාරීන් පවසන ලද්දේ, සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා සිදුකිරීමට සැළසුම් කොට ඇති බවය.

කැනීම් නිලධාරීන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගනිමින් පස්වන අදියර කැනීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවය.

තවද, යාපනය මහෙස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ තබා ඇත.

මෙලෙස අස්ථි කොටස් පළමුව හමුවුයේ, පෙබරවාරි මස 20 වනදා චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ දී එහි කටයුතු සිදුකළ පිරිසකට ය.

අදාළ අස්ථි කොටස් දැකීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කොට තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *