රනිල්ට එංගලන්ත සරවියෙන් ආ ආරාධනා පත‍්‍රය කූළ ලේඛණයක් දැයි සැකයක් – CID පරීක්‍ෂණ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි කියන ලන්ඩන් වුල්ෆ් හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධනා පත්‍රයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අදාළ ලේඛනය පසුකාලීනව නිර්මාණය කරන ලද්දක් දැයි හෙළි කර ගැනීම සඳහා ය.

මෙම පරීක්ෂණයට හේතුව වී ඇත්තේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මෙම ලිපිය අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී මාස තුනක කාලයක් ප්‍රමාද වී ඉදිරිපත් කිරීම මත, එය කෘත්‍රිමව සකස් කරන ලද ලේඛනයක් විය හැකි බවට සැකයක් මතුවීමයි.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි CID මෙම ලිපිය සම්බන්ධයෙන් නිල වශයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *