පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ.!

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේ අවශ්‍යතාව මතුව ඇතැයි රජය පවසයි.

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝග්‍යතාවය හඳුනාගෙන ඇත.

ඒ අනුව පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබාදීම සඳහා QR ක්‍රමවේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් ජනාධිපතිවරයා, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *