සැගවී සිටින රාජිතගේ දේපල තහනම්..?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අවධානය යොමු කර ඇත.

ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට CIABOC විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවලදී ඔහුගේ වාසස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඒ මහතා සොයා ගැනීමට නොහැකි වී තිබේ.

අධිකරණය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *