මෙරට 37 වැනි පොලිස්පතිවරයා තේරීමට සභාව රැස්වෙයි.!

මෙරට 37 වැනි පොලිස්පතිවරයා තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වනවා.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ හිමිවුණා.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයාගේ නිර්දේශිත නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද දිනයේ යොමු කෙරෙනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ අජිත් රෝහණ ඇතුළු නිලධාරීන් අතරින් අයෙකු මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් නව පොලිස්පතිවරයා ලෙස වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට වැඩි ඉඩක් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *