ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්.. ඉන්දියාවට 50%ක තීරු බද්දක්.!

අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (06) දින තීරණය කර ඇත.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ යයි.

රුසියානු බොරතෙල් අඛණ්ඩව ආනයනය කිරීමට ඉන්දියාව ගත් තීරණයට “දඬුවමක්” ලෙස අතිරේක තීරු බදු අනුපාතයක් අය කිරීමට අමෙරිකාව තීරණය කර ඇත.

අමෙරිකාවේ නව තීරු බදු අනුපාතය අනුව ඉන්දියාවෙන් 25%ක බදු ප්‍රතිශතයක් අයකිරීමට මීට පෙර තීරණය කර තිබුණේය.

මේ අතර රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට අමෙරිකාව පසුගියදා ප්‍රකාශ කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *