සුනාමි රළ ජපානයට ඇතුළු වෙයි.. තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්.!

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.

මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂිතය.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය, ඉතිහාසයට එක්වන්නේ ලොව එතෙක් මෙතෙක් බලපෑ හයවැනියට ප්‍රබලතම භූකම්පනය ලෙසය.

භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළක් ද ඇති වුණි.

මේ අතර ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලාගාරයේ අධීක්ෂණ කටයුතු සිදුකරන එරට රජයට අයත් ටෝකියෝ විදුලිබල සමාගම හෙවත් ටෙප්පෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ, සියලු කාර්ය මණ්ඩලය මේ වනවිට ඉන් ඉවත්කර ඇති බවය.

එමෙන්ම බලාගාරය තුළ කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

2011 වසරේ ඇති වූ භූමිකම්පාව නිසාවෙන් ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි බලපෑම් එල්ල විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *