රුසියාවේ ප්‍රබල භූකම්පනයක්.. අඩි 13ක් උස සුනාමි රළ කඩා වදී.!

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කළ අතර, එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *