ජනපති අනුර මාලදිවයින් විදේශ කටයුතු ඇමති හමුවෙයි.!

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා කලීල් මහතා අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

එහිදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස පිළිගත්තේය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට මාලදිවයින් රජයේ කැපවීම ද ඔහු නැවත තහවුරු කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පුළුල් පරාසයක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අනුර කුමාර දිසානායක මහතා නැවත අවධාරණය කළේය.

අමාත්‍ය ආචාර්ය කලීල් මහතා සමඟ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ්, ලේකම් ෆාතිමත් ඉනායා, අතිරේක ලේකම් අමිනාත් අබ්දුල්ලා දිඩි සහ අධ්‍යක්ෂ ජනරාල් අයිෂාත් ෆරීනා යන මහත්වරු ද එක්වූහ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *