රට පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට.!

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 මිලිග්‍රෑම් 159ක ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 220 මිලිග්‍රෑම් 415ක ප්‍රමාණයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

අපරාධවලට ඍජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 20 දෙනෙකු හා විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 410 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුම හරහා පුද්ගලයන් 24,343 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,727 හා යතුරුපැදි 7,396ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණි.

මේ සදහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළත්ව නිලධාරීන් 7600කට අධික පිරිසක් සහභාගී වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *