‘බස් ලලියා’ ගේ ගෝලයන් 4ක් අල්ලයි.!

ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදි ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු කණ්ඩායම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකරමින් සිටියදී මාර්ග බාධකය මගහැර පලා යෑමට තැත් කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 500ක් සොයාගෙන තිබුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *