වීසා ගාස්තු අය නොකරන රටවල් 40 මෙන්න.!

සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ,

“පහුගිය කාලයේ රටවල් හතක් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයිති වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් හතලිහකට වීසා ගාස්තු නොමැතිව, වීසා ලබාදෙන පහසුකම් ඇති කරන්න.

ඉතින් ඒ අනුව, ඒ ගැසට් නිවේදනය නිකුත් වෙන ගමන්, ලෝකයේ රටවල් හතලිස් හතකට අපි වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තීන්දුව ගන්න කොට, ඩොලර් මිලියන හැට හයක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත්, අපි බලාපොරොත්තු වෙනවා, සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, වක්‍රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න.”

ඒ අනුව වීසා ගාස්තු ගෙවීමකින් තොරව සංචාරකයින්ට මෙරටට පැමිණිය හැකි රටවල් පහතින්..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *