ප්‍රශස්ථ පාසල් අධ්‍යාපනයක වගකීම ආණ්ඩුව බාර ගන්නවා – ජනපති කියයි.!

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එය දේශපාලන අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ කිසිදු හේතුවක් මත කිසිදු දරුවෙකු 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවය.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයෙ (24) පැවති විවාදයට එක් වෙමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව by poornima

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *