කෝටි හතරකට අධික දේපොළ තහනම් කරයි.!

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල් වලින් මිලදී ගත් බවට සැක කරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදී ගෙන ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 40 ක් වටිනා පර්චස් 20 ක ඉඩම, එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 10 ක් වටිනා නිවස සහිතපර්චස් 05 ක ඉඩම රත්ගම පිහිටි රුපියල් ලක්ෂ 20ක් වටිනා නිවස සහිත පර්චස් 10 ක ඉඩම ද කළුපේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 20ක් වටිනා නිවස සහිත හෙක්ටයාර් 0.0373 ඉඩම මෙන්ම රුපියල් ලක්ෂ එකසිය 120 ක් වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 16 ක් වටිනා තීරෝද රථයක් තහනම් කළ දේ පෙළවලට අයත් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *