විශේෂ පොලිස් මෙහෙයුම යටතේ 736ක් අත්අඩංගුවට.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ‍දිවයින පුරා සිදුකරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (18) දිනයේ දී පුද්ගලයින් 736 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.අදාළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,705 දෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.මේ අතර බීමත් රියදුරන් 50ක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *