පුරාවස්තු සොයා කැණීම් කළ 06ක් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු – දේවී පුරම් ප්‍රදේශයේදී  පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. 

සැකකරුවන් අවුරුදු 35 ත් 48 ත් අතර වයස්වල පසුවන අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 36 හා 45 වයස්වල පසුවන මඩාටුගම හා දේවී පුරම් ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *