දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක්  තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය.

එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත.

මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *