රන් මිල රු 20,000කින් පහළට.

මෙරට රන් මිල පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව රු 60,000කින් පහළ ගොස් ඇති අතර, අද (22) දී පමණක් රන් මිල රු 20,000කින් පහළ ගොස් ඇත.

ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 322,000ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර සිකුරාදා දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 350,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි..

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *