මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම ජාතික සැලැස්මකට ක්‍රියාත්මක විය යුතුයි – ජනපති  .

මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩ කොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩ කොටස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා ඒ ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානයට ලක්කර ඇත.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය. 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *