නඩු තියෙන අයට එළියෙ හිටියොත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් – ඇමති නලින්ද ජයතිස්ස.

මැතිවරණවලට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් ‘හීන තිබෙන’ පිරිස් ඔවුන්ට ඇති නඩු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, ඔවුන්ට ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරමින් පවතින බවත්, ඒවා අවසන් අදියරේ පවතින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔවුන් ‘එළියේ සිටියොත්’ පමණක් ඔවුන්ට මැතිවරණවලට ඉදිරිපත් විය හැකි බවද ඔහු පවසා සිටියා.

අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටු කරන බවට ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *