තලේබාන් හමුදා මූලස්ථානයකට පාකිස්තානයෙන් බෝම්බ හෙළයි

පාකිස්තාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මූලස්ථානයක් වෙත බෝම්බ හෙළා තිබේ.

කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට මෙලෙස බෝම්බ හෙළු බව වාර්තා වෙයි.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර උත්සන්නවී ඇති දේශසීමා සටන් මධ්‍යයේ මෙම බෝම්බ හෙළීම සිදුකර තිබේ.

මේ අතර මෙම සිද්ධිය මේ වනවිට දේශසීමා ගැටුමකට වඩා එහා ගිය විවෘත යුද්ධයක් බවට පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාබුල් සහ කන්දහාර් යන නගර ඉලක්ක කරගනිමින් පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කර තිබූ බවය.

ඇෆ්ගනිස්තානය ප්‍රකාශ කළේ පසුගිය ඉරිදා ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශවලට පාකිස්තානය එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඊයේ (26) රාත්‍රියේ පාකිස්තානයට ප්‍රහාර එල්ල කළ බවය.

එහිදී පාකිස්තාන හමුදා මුරපොළවල් 10කට වඩා වැඩි ප්‍රමාණයක් තම ග්‍රහණයට ගත් බවද ඇෆ්ගනිස්තානය කියා සිටියේය. 

ඊට ප්‍රතිචාර දක්වමින් අද (27) අලුයම පාකිස්තානය මෙලෙස කාබුල් හී පිහිටි තලේබාන් මූලස්ථානයකට බෝම්බ හෙළා තිබුණි

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *