වාහන ආනයනය කිරීමට යළි අවසර ලබාදීමේදි පළමු අදියරේදී බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමි වනු ඇතිබව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසයි.
පළමු අදියර සඳහා තවත් දින කිහිපයක් ඇතුළත මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවනු ඇති බවත් ඔහු පැවසීය.
වාහන ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
එම කමිටුව විසින් වාහන ආනයනය කිරීම පිළිබඳ තීරණ ගන්නා බව එහිදී පැවසීය.
වාහන ගෙන්වීමේ දෙවන සහ තෙවන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන මාසයේ මාර්තු සහ අප්‍රේල් මාස වල සිදුවනු ඇතිබව සභාපතිවරයා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න