අයහපත් කාලගුණය මෙරට කෘෂිකර්මාන්තයට එල්ල කර ඇති දැඩි බලපෑමෙන් මහ කන්නය වෙනුවෙන් වී වපුරා තිබූ කුඹුරු ඇතුළු ප්‍රදේශ රැසක ගොවිබිම් මේ වනවිටත් ජලයෙන් යටව පවතියි.
ප්‍රදේශ රැසකට බලපෑ අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගත් ජලගැලීම් නිසා උතුරු, උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකම ගොවිබිම් රැසකට මේ වනවිට දැඩි හානි සිදුව ඇත්තේ මහ කන්නය වෙනුවෙන් වී වපුරා සතියක පමණ කාලයක් ගතව තිබූ පසුබිමකය.
හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී වගාකරන ගොවින්ගෙන් එම වී මිලදී ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න