සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට ලබාදීමේ වැඩපිළිවෙලක්

සතොස හරහා රුපියල් 130ක පොල් ගෙඩියක් ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊට අදාල රජයේ ආයතන කැඳවා උපදෙස් දුන් බවත් අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා පැවසුවේය.

රජයේ වතුවල පොල් වෙන්දේසි සතොස මගින් ජනතාවට අලෙවි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම සදහන් කරයි.

පාරිභෝගිකයන් කොල්ලකෑම වළක්වමින් වෙළඳපොලේ පොල් සුලබතාව ඇති කරන බව ද ඇමති සමරසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *