විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා..

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පැවසීය.

එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බව පැවසීය.

පැවති ක්‍රමවේදයට අනුකූලව සියයට 06% සිට 11% දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

එය ප්‍රතික්ෂේප කරමින් මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබුණේ 2025 වසරේ මුල් මාස 06 පිළිබඳ සළකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *