උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.
ඒ, දිවයිනේ උතුරු සහ නැගෙනහිර බොහෝ මැතිවරණ කොට්ඨාසවලින් සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සැළකිව යුතු පරාජයකට ලක්ව තිබියදීය.
නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරු සහ නැගෙනහිර පළාත්වල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ අතර, එය එම කලාපයේ දේශපාලන ක්ෂේත්‍රයේ වෙනසක් සනිටුහන් කළේය.
දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂවල ඉදිරි සැලසුම් පිළිබඳ දහස් දක්වමින් විග්නේෂ්වරන් පවසා ඇත්තේ දෙමළ ජාතිකවාදය ගැන උනන්දුවක් දක්වන සියලුම දේශපාලන පක්ෂ අතර සන්ධානයක් ඇති කර ගැනීම පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.
“උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස රජයට බලකිරීම සඳහා මෙම සන්ධානය පිහිටුවනු ලබනවා.”යනුවෙන් ඔහු පවසයි.
මීට පෙර උතුරේ දේශපාලන කණ්ඩායම් දෙකකට ලැබුණු ඡන්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි වශයෙන් ජාතික ජන බලවේගයට ලැබී ඇති බව හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න