බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලින් ලබාදෙන ආහාර බලාපොරොත්තුවෙන් වනඅලි මග දෙපස රැඳී සිටින ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ.
වනඅලින්ට ආහාර ලබානොදෙන ලෙස වනජීවි නිලධාරීන් විසින් සංචාරකයින් හට දැනුම්වත් කිරීම් සිදුකළත් ඒ කිසිඳු දැන්වීමක් නොතකමින් ජනතාව වනඅලීන්ට ආහාරදීමට පුරුදුව සිටියි.
මේ අකාරයට මාර්ගය අසල රැදී සිටි වනඅලියෙකුට ආහාර ලබාදුන් වෑන් රථයකට එම අලියා තවත් ආහාර බලාපොරොත්තුවෙන් පහරදෙන ආකාරය කැමරා කාචයේ මෙලෙස පටිගත වී තිබුණි.
මෙම මාර්ගයේ නිරන්තරයෙන් වනඅලි පහරදීම් වාර්තා වන අතර එබැවින් බුත්තල කතරගම මාර්ගයේ ගමන් කිරීමේ දී වනසතුන් ට ආහාර ලබා දීමෙන් වැලකී සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න