වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂයක දඩයක්.

කීරි සම්බා සහල් වැඩිමිලට අලෙවිකළ වෙළෙඳසැල් දෙකකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකරන ලෙස කළුතර සහ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නියෝග කර තිබේ.

එමෙන්ම කීරි සම්බා සහල් සඟවා සිටි හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් 20,000ක් බැගින් දඩ නියම කරන ලෙසත් ඔහු සතුව තිබූ කිලෝග්‍රෑම් 5 කීරි සම්බා ඇසුරුම් 25ක් රාජසන්තක කිරීමටත් හොරණ මහෙස්ත්‍රාත් නියෝග කර ඇත.

ඊයේ (03) සහ පසුගිය 02 වනදා මෙම නියෝග එම ප්‍රදේශවල මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ලබාදුන් බව වාර්තා වෙයි.

කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 310 බැගින් අලෙවිකළ බවට වරද පිළිගත් කළුතර, නාගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලකට ඊයේ (03) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදි.

මේ අතර කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කට අලෙවිකළ පානදුර, සරික්කන්මුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය 02 වනදා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *