වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්.

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

වැඩතහනමට ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ අනුව පසුගියදා රැස්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එහිදී මෙම පැමිණිල්ල සම්බන්ධව සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන් විය. ඒ අනුව එහිදී මෙම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගැනීමට තීරණය වී ඇත.

මේ අතර වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *