වසර 3ක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කරනවා – ඇමැති වසන්ත සමරසිංහ (වීඩියෝ)

ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරි වසර තුන තුළ විදුලි ගාස්තු 30% කින් අඩුකරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවැසීය.

“පුනර්ජනනීය බලශක්ති උත්පාදනය දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් අපි යෝජනා කර තිබෙනවා. ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි ජාතික ජන බලවේග ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරි වසර තුන තුළ විදුලි බිල 30%කට වඩා අඩු කරනවා.” ඔහු සඳහන් කළේය.

ඊයේ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සැළකිව යුතු ලෙස අඩු කිරීමට ද රජය සැලසුම් කර ඇති බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *