ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයෙන් හමුව ඇති බව වාර්තා වේ.
හුනාන් භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ, රත්‍රන් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් මෙමඟින් ලබාගත හැකි බවයි.
හුනාන් පළාත් භූ විද්‍යා ආයතනයට අනුව හුනාන් පළාතේ පිංජියැන්ග් ප්‍රාන්තයේ සැතපුමක් පමණ ගැඹුරට ලෝහයෙන් පුරවා ඇති පාෂාණවල දිගු හා පටු රන් විවර සොයාගෙන ඇති බවත්, මෙම පාෂාණවල පමණක් රත්‍රන් ටොන් 300 ක් තිබිය හැකි අතර ගැඹුරු ස්ථරවල තවත් සංචිත තිබිය හැකි බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න