පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතින බවත්, එම ගැටලුව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.
මෙවර කුඹුරු හෙක්ටයාර අට ලක්ෂ පනස් දහහසක් වගා කර ඇතිබවට සංඛ්‍යා ලේඛන පවතින බවත්, ඒ සියලු ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රුපියල් මිලියන 20000කට වැඩි මුදලක් ඒ සඳහා වෙන්කර ඇති බවද ඔහු පවසයි.
මේ අතර රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර,යූරියා සහ එම්.ඕ.පී. පොහොර වර්ග අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රට තුළ පවතියි.
පොහොර තවත් අඩු මිලට ගත හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න