රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක් ගනී

රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදු කර, රේගු සංකේතාංක 87.03 යටතට ගැනෙන පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800ccට වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 2300ccට වැඩි වාහන (ඩබල් කැබ් / සිංගල් කැබ්/ වෑන් රථ / බස් රථ හැර) නියමිත ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් 2025-03-01 දිනට පෙර අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරින් විසින් අපහරණය කිරීමටත්, ඒ අනුව කටයුතු කර මහා භාණ්ඩාගාරයේ කොස්ට්‍රෝලර් ජනරාල් වෙත වාර්තා කිරීම සඳහා අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමටත් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *