යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට.

රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 26 වෙනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුතු සඳහා පිටත්වයාමේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර, යළිත් එම උණ්ඩ භාරදී නොමැති බව සඳහන් වෙයි.

ඒ අනුව, විමර්ශන සිදුකළ සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (28) රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *