බන්දුලට කෙඳිරි ගෑවෙන්න යයි… සීනි බදු වංචාව ගැන ප්‍රකාශ ගන්න CIDයට කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි..

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

ඒ පසුගිය ගෝටාභය රාජපක්‍ෂ රජය සමයේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී තිබේ.

එවක රජයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

එම සිදුවීමට අදාළව ඔහු සතුව කිසියම් ලිපිගොනු ඇත්තේ නම් ඒවාද රැගෙන පැමිණ ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වා ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *