එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන සංඛ්‍යාව ඉහළගොස් ඇතිබව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පවසයි.
2023 වාර්තා වූ එච්.අයි.වී.ආසාදිතයින් අතරින් 15% අවුරුදු 15ත්24 අතර වයස් වල පසුවන පුද්ගලයන් බවත්, එම වයස් කණ්ඩයේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ඇය පැවසුවාය.
පසුගිය වසරේ එච්.අයි.වී.ආසාදනය වූ 694 දෙනෙකු හමු වූ බව එහිදී ඇය පැවසුවාය.
නව තාක්ෂණය ඔස්සේ සහකරුවන් සොයා ගැනීම සහ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම හේතුවෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන්ට ඒඩ්ස් වැලදීම ඉහළගොස් ඇතිබවත්, ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබවත් වැඩිදුරටත් ඇය පැවසුවාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න