නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා සභානායක ධුරයට හෝ කථානායක ධුරයට පත් වුණානම් හොඳ බව සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ඒ මහතා ඒ බව පැවසුවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ සභානායකවරයා,
“මම හිතන්නේ නලීන් බණ්ඩාර මැතිතුමා සභානායක ධුරයට හෝ කථානායක ධුරයට පත් වුණානම් හොදයි.. ඔබතුමා නැවත පොඩි ටියුෂන් එකක් කරගන්න.. ඒක වැරදියි.. අපි සූදානමි වෙලා ආවේ, මම හිතන්නේ ලේකම් මණ්ඩලයේ නිලධාරින් නිහතමානී වෙනවානම් එතනින් යම්කිසි පටලැවිල්ලකින් වුණා. ඒක තමයි මට ඉදිරිපත් කරන්න කීවේ.. ඒ නිසා අපි හෝම්වර්ක් කරලා තියෙන්නේ.”
අනතුරුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක බිමල් රත්නායක මහතා සදහන් කළේ, පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් නොකර ගන්නා ලෙසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න