තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාව ආසන්නයේ – රජයෙන් ප්‍රකාශයක්.

දෙවැනි ඉරාන නෞකාවත් මේ වනවිට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නොවන බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් ඉරාන නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව ඇතැයි අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝමයක් තොරතුරු රජය දන්නා බවත් ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවය.

මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා…දැනගෙන තමා කටයුතු කරන්නේ. රජය කරුණු දැනගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා, ජීවිත හානි අවම කරගැනීම සඳහා, කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ, අපේ ජාතික ජලතීරය තුළ නෙමෙයි. එය ජාතික ජලතීරයට ආසන්න Exclusive economic zone එකේ. ඒ සම්බන්ධයෙන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා…”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *