ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට ජනපති පයින් වැඩට යයි… අමාත්‍යංශ නිලධාරීන් හොල්මන් වෙයි

මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.

ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.

මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *