ජනපති අනුර ඈවර කරන්න යනවා කියා කෑගැසූ ත්‍රිපෝෂ සමාගම අලුත් කැබිනට්ටුවේ සෞඛ්‍ය විෂය පථයට එකතු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු පත්කරන ලද පළමු කැබිනට් මණ්ඩලයේ විෂය පථය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ බව පැවසූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නව කැබිනට් මණ්ඩලය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට එකතු කර ඇති අතර, එම සමාගම හරහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීමට කටයුතු යොදා තිබේ.

කෙසේ නමුත්, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සූදානම සම්බන්ධයෙන් රජයට පසුගිය කාලයේදී විවිධ චොදනා එල්ල කෙරිණි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් නොවැම්බර් මස 25 වැනිදා අංක 2412/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු අතර, එහි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එකතු කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *