ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් යතුරුපැදියක ගැටී මරුට.

වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදුකළ සැරයන්වරයෙකු අලුත්ගම මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමති පොලිස් සැරයන්වරයෙකි.

ඊයේ (15) රාත්‍රියේ ජීප් රථයකින් අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවත්වන ලෙස නියෝග කර ඇත.

එහිදී වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරන්වරයාගේ ගැටී ඇති අතර, එහිදී පොලිස් සැරයන්වරයා විසි වී ගොස් අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදුව තිබේ.

අලුත්ගම දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර ඇති පොලිස් සැරයන්වරයා ඒ වනවිටත් මියගොස් සිටි බව අනාවරණය වී ඇත.

යතුරුපැදිකරුද සුළු තුවාල ලබා අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණි.

අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *