ඝාතනය වීමට පෙර අලි කමේනි සිදුකළ අවසන් ප්‍රසිද්ධ කතාව

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වීමට පෙර ඔහු ප්‍රසිද්ධ කතාවක් සිදුකරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

වොෂින්ටනය හා ටෙහෙරානය අතර ගිනිවාහී වක්‍ර සාකච්ඡා සිදුකිරීමත් සමඟ ඔහු මේ ආකාරයෙන් කතාවක් සිදුකර ඇත.

ඉරානයට න්‍යෂ්ටික අවි තිබිය යුතු බවද එසේත් නැතහොත් සතුරන් ඉරානය යටත් කරන බවද ඔහු පවසා තිබේ.

මේ අතර, න්‍යෂ්ටික අවි සිය ජාතියට අත්‍යවශ්‍ය දෙයක් වන බවද ඔහු සඳහන් කර තිබේ.

අමෙරිකානුවන් කිසිදු හේතුවක් නොමැතිව ඉරානයට මැදිහත් වන බවද ඉරානයේ ඇති අවි සහ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් අමෙරිකානුවන්ට ඇති අයිතිය කුමක්ද යන්න ඔහු එහිදී ප්‍රශ්න කර ඇත.

“අමෙරිකානු ජනාධිපති පවසන පරිදි ලෝකයේ ශක්තිමත්ම හමුදාවක් ඇත්තේ අමෙරිකාවේ වුවද, ඔවුන් දන්නේ නෑ ශක්තිමත්ම හමුදාව උනත් දැඩි අතුරු පහරකින් බිමට වැටෙන්න පුළුවන්” යනුවෙන්ද අලි කමේනි එහිදී ප්‍රකාශ කර තිබේ

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *