කෙහෙළිය ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා – උසාවියේ දී හෙළිවෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව ඊයේ(29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙවන්වීම පිළිබඳ නඩුව ඊයේ (29) කැඳ වූ අවස්ථාවේදීය.

නඩුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධීකරණයට දැනුම්දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ, ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා නොදුනහොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය තත්ත්වය කඩාවැටිය හැකි බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබූ හෙයින් ඊට අවසර ලබාදුන් බවට හිටපු අමාත්‍යවරුන් පොදුවේ ප්‍රකාශ කළ බවයි.

ඇය අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත ටිරාන්, අලස් මහින්ද අමරවීර යන අයගෙන් ඉදිරියේ ප්‍රකාශ ලබාගන්නා බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *