දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත් වී ඇති බවය.කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවණාගාරයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.“ඔයාලග කෝච්චිවල ජනෙල් වහන්න බෑ. ඒ අය කියනවා ඒක හදලා දෙන්න කියලා. ජනෙල් වැහුවට පස්සේ රස්නෙයි පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. ගාල්ලේ ඉඳලා කොළඹට පැය දෙක හමාරක් එද්දි එක වොෂ්රූම් එකක වතුර නෑ. දුම්රිය කියන්නේ ඔෆිස් දුම්රිය නේ. පිළිවෙලකට රස්සාවට යන මිනිස්සුන්ව ගේන්න බැරිද? මිනිස්සු ගැන සත පහක හැඟීමක් නැති පිරිසක්. ජාඇළ පැත්තේ පුංචි දරුවෙක් ඉස්සෙල්ලාම කෝච්චියේ යද්දි ජනේලේ වැටිලා ඇඟිලි දෙකක් අයින් කරා. කෝච්චියේ පළවෙනි ගමන යන දරුවාගේ ඇඟිලි දෙකක් නැති වුණාට පස්සේ, අපි අම්මලා තාත්තලා වශයෙන් වගකියන්නත් ඕනේ නේ. මම ඒ තාත්තාට කතා කරා. එයා අහනවා සර් මොකටද මේ රටේ ජීවත් වෙලා ඇහුවා. මම නැවත නැවත කියන්නේ කරුණාකරලා, මාසයක් ඇතුළත ඔබතුමා කුමන හෝ ආකාරයක අලුත්වැඩියාවක් කරන්නම ඕනේ. වොෂ්රූම්, ජනෙල්, ෆෑන්. දවස් තුනකින් කියන්න ඔයා කරගන්නේ මොකක්ද කියලා මට වට්ස්ඇප් කරන්න. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කෝටම කියන්නේ, සර්විස් එක දෙන්න නැත්නම් යන්න. මේ අන්තිම වෝර්නින් එක. තිත්ත වෙලා තියෙන්නේ ඇත්තටම.”
අලුත්ම පුවත්
-
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.
-
පොසොන් පොහොයට අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක්.
-
ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයා රිමාන්ඩ්.
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .



ප්‍රතිචාරයක් ලබාදෙන්න