ඉන්දියාවේ අදානි (Adani) සමූහ ව්‍යාපාරය පසුගිය බදාදා ප්‍රකාශ කළේ, සිය ඉහළ නිලධාරීන්ට එරෙහිව එක්සත් ජනපදය දූෂණ චෝදනා එල්ල කිරීමෙන් පසු තමන්ට ඩොලර් බිලියන 55කට ආසන්න දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවයි.
“එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනුකිරීමෙන් පසු, සමූහය ලැයිස්තුගත සමාගම් 11 හරහා එහි වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ඩොලර් බිලියන 55 කට ආසන්න අලාභයක් අත්විඳ ඇත,” යැයි නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය කියාසිටියේය.
නොවැම්බර් 20 නිව් යෝර්ක්හි දී අදානි සමූහයට එරෙහිව එල්ලකෙරුණු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පවසා ඇත්තේ, ප්‍රකෝටිපති කර්මාන්තකරු ගෞතම් අදානි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ලබාගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක පමණ දැවැන්ත මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති බවයි.
අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීප සගයකු වන අතර, එක් අවස්ථාවකදී ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වූ විය.
බටහිර විචාරකයන් දිගු කලක් තිස්සේ ඔහුට ඉන්දීය නායකයාගේ සම්බන්ධතාවෙන් අනිසි ලෙස ප්‍රතිලාභ ලබාගත් බවට චෝදනා කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න