අමෙරිකාවේ විශාලම තෙල් පිරිපහදුවක ගින්නක්.

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල්  පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බවය.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, පිපිරීමක් පිළිබඳ වාර්තාවීමත් සමග ගිනිනිවන භටයින් පිරිපහදුවට කඩිනමින් පැමිණ ගිනිනිවීම් කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති වුවත්, ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස දැනුම්දී ඇත.

මෙම පිරිපහදුව දළ වශයෙන් වර්ග කිලෝමීටර් 3.9ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, එහි කිලෝමීටර් 1,770කට වඩා දිග නල මාර්ග පද්දතියක් තිබේ.

1911 සිට ක්‍රියාත්මක මෙම පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් 290,000ක් පිරිපහදු කිරීමේ හැකියාවක් ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *